අමෙරිකානු දූත පිරිසේ පකිස්ථාන සංචාරය ට්‍රම්ප් නවත්වයි

News Express
1 Min Read

පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර බලා යාමට සිටි සිය විශේෂ දූත පිරිසගේ ගමන හදිසියේම අවලංගු කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.

ඉරානය සමඟ සාම සාකච්ඡා පැවැත්වීම සඳහා ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් එහි යාමට නියමිතව තිබුණා.

ෆොක්ස් නිවුස් (Fox News) නාලිකාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ, “සියලු තුරුම්පු (Cards) තිබෙන්නේ අප සතුව” බැවින් එවැනි ගමනක් අනවශ්‍ය බවයි.

“මම මගේ පිරිසට කිව්වා ඔවුන් පිටත්වන්න සූදානම් වෙද්දීම, ‘එපා, ඔබ ඔය පැය 18ක ගුවන් ගමන යන්න අවශ්‍ය නැහැ’ කියලා. ඉරානයට අවශ්‍ය ඕනෑම වෙලාවක අපිට කතා කරන්න පුළුවන්. නමුත් කිසිවක් නැති තැනක නිකරුණේ කතා කර කර ඉන්න ඔය තරම් දුර යන්න අවශ්‍ය නැහැ,” යනුවෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මෙම තීරණය ප්‍රකාශයට පත් වූයේ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි ඉස්ලාමාබාද් නුවරින් පිටත්ව යාමත් සමඟ වීම විශේෂත්වයක්.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *