හෝමුස් විවෘත කිරීමට එකඟ වන්නේ නම්, ඉරානය සමඟ දෙසතියක සටන් විරාමයකට සූදානම් – ට්‍රම්ප් කියයි

News Express
1 Min Read
ඉරානය විසින් හෝමුස් සමුද්ර සන්ධිය (Strait of Hormuz) හරහා නාවික ගමනාගමනයට යළි අවසර ලබා දෙන්නේ නම්, එරට සමඟ සති දෙකක කාලසීමාවකට සටන් විරාමයකට එළඹීමට සූදානම් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශ කර තිබෙනවා.
පාකිස්ථාන නායකත්වය සමඟ පවත්වන ලද සාකච්ඡාවලින් අනතුරුව ට්රම්ප් මෙම තීරණය නිවේදනය කර ඇති බවයි විදෙස් මාධ්ය කරන්නේ.
ඒ අනුව, ඉරානයට එල්ල කරන බෝම්බ හෙලීම් සහ ප්රහාර සති දෙකක කාලයකට අත්හිටුවීමට තමන් එකඟ වන බව ට්රම්ප් පවසන අතර, මෙය “දෙපාර්ශ්වික සටන් විරාමයක්” (Double sided ceasefire) වනු ඇති බව ඔහු අවධාරණය කරන බවයි එම මාධ්ය වාර්තාවේ සඳහන්.
Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *