ඉහළ යන ඉන්ධන වියදම හමුවේ ඉන්දියාවේ අභ්‍යන්තර ගුවන් ගමන් රැසක් අවලංගු කර තිබේ.
මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ඉන්ධන වියදම අධික ලෙස ඉහළ යාම මෙම තීරණයට හේතුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඒ අනුව, මෙලෙස අවලංගුවන ගුවන්ගමන්වලට අදාළ ප්‍රවේශපත් යළි වෙන්කර ගන්නා ලෙසට මගීන්ව දැනුම්වත් කිරීමට ඉන්දීය ගුවන් සේවා බලධාරීන් කටයුතු කර ඇති බව සඳහන් වෙයිට.
මේ අතර බොරතෙල් මිල ඉහළ යාම හේතුවෙන් 5වන වරටත් ඉන්ධන මිල ගනන් ඉහළ දැමීමට ඉන්දියාව පෙරේදා කටයුතු කර තිබුණි.
