ඉබෝලා සැකයෙන් බ්‍රසීලයේ දෙදෙනෙකු නිරෝධායනයට

News Express
1 Min Read

බ්‍රසීලයේ ඉබෝලා වයිරසය ආසාදනය වී ඇති බවට සැක සහිත පුද්ගලයින් දෙදෙනෙකු ප්‍රතිකාර සදහා යොමු කර තිබේ.

සාඕ පවුලෝ සහ රියෝද ජෙනෙයිරෝ නගරවල පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස නිරෝධායන ක්‍රියාවලිය යටතේ ප්‍රතිකාර සදහා යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

උගන්ඩාවේ සිට පැමිණි බෙල්ජියම් ජාතිකයකු සහ කොංගෝ ජාතිකයකුට උණ ඇතුලු සුළු රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් අදාළ ප්‍රතිකාර සදහා යොමු කර ඇති බව සදහන්.

ඔවුන්ට ඉබෝලා වයිරසය ආසාදනය වී ඇත්ද යන්න සිදු කළ පරීක්ෂණ වාර්තා එළඹෙන සතියේදී ලැබෙනු ඇතැයි බ්‍රසීල සෞඛ්‍ය අංශ විශ්වාසය පළ කර ඇත.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *