ලාඕසයේ ගුහාවක සිරවූ හත් දෙනාගෙන් පහක් බේරා ගැනෙති

News Express
1 Min Read

ලාඕසයේ භූගත ගුහාවක දින 10 කට වැඩි කාලයක් සිරවී සිටි ගම්වැසියන් හත් දෙනාගෙන් පස්දෙනෙකු බේරා ගැනීමට කිමිදුම්කරුවන් සමත් වුවත් ඉතිරි දෙදෙනා බේරා ගැනීමට දැඩි වර්ෂාපතනය බාධාවක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගම්වැසියන් හත්දෙනා රත්‍රන් සොයා ගුහාවට ඇතුළු වී තිබූ අතර දැඩි වර්ෂාපතනයත් සමග ඇතිවූ ක්ෂණික ගංවතුර තත්වය හේතුවෙන් ඔවුන් හත්දෙනා ගුහාවේ සිරවී තිබුණේය. කෙසේ නමුත් ඔවුන් සිරවී සිටි ස්ථානයට වාතාශ්‍රය ලැබී තිබුණු අතර කිමිදුම්කරුවන් ජලයෙන් යටවූ පටු මාර්ග ඔස්සේ ගම්වැසියන් බේරා ගැනීම සඳහා සියුම් මෙහෙයුමක නිරත වූවේය.

දින 10 කට පසුව අවසානයේ ගම්වැසියන් පස් දෙනෙකු බේරා ගැනීමට කිමිදුම්කරුවන්ට හැකියාව ලැබී තිබිණි. කිමිදුම්කරුවන් මුල් අවස්ථාවේ එක් අයෙකු බේරාගෙන තිබූ අතර දෙවැනි අවස්ථාවේ සිවු දෙනෙකු බේරාගෙන තිබිණි.

ගම්වැසියන් සිරවී සිටින ගුහාව මීටර් 340 ක දිගින් යුක්ත බවත් ඇතැම් තැන්වල පළල සෙන්ටි මීටර 60 ක් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ හේතුවෙන් සිරවී සිටින කණ්ඩායම බේරා ගැනීම සඳහා මුදා ගැනීමේ කණ්ඩායම බඩගාගෙන යාමට සිදුවූ බවද වාර්තා වූවේය.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *