උතුරු ජපානයේ ලැව්ගිනි දරුණු අතට

News Express
1 Min Read

උතුරු ජපානය ලැව්ගිනි අඛණ්ඩව පැතිර යන කලාපයක් වන අතර ඒ ආකාරයෙන් පැතිර ගිය ලැව් ගින්නක්, මේ වන විට ජනතාව ජීවත් වන ප්‍රදේශයන් වෙත පැතිර ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ හේතුවෙන් එම කලාපයේ ජීවත් වන 3000කට වැඩි පිරිසක් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

එම කලාපයේ පවතින වියලි කාලගුණය නිසා ගින්න මැඩ පැවැත්වීමට අපහසු වී ඇති අතර ඒ සඳහා ගිනි නිවන බටයින් 1000ක් පමණ යෙදවීමට කටයුතු කර තිබෙන බව විදෙස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදු වී නොමැති අතර නිවෙසක් ඇතුළු ගොඩනැගිලි කිහිපයක් විනාශ වී ඇත.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *