උද්ධමනය පහළට

News Express
1 Min Read

මෙරට මාසික පාරිභෝගික උද්ධමනය පහළ ගොස් ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම දෙපාර්තමේන්තුව 2026 පෙබරවාරි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමනය ඊයේ (මාර්තු 23) ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව, 2026 ජනවාරි මාසයේදී 2.4% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2026 පෙබරවාරි මාසය සඳහා 1.6% ක් දක්වා අඩු වී ඇත.

2026 ජනවාරි මාසයේදී 3.4% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2026 පෙබරවාරි මාසයේදී 1.1% ක් දක්වා අඩු වී තිබේ.

එමෙන් ම, 2026 ජනවාරි මාසයේදී 1.6% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2026 පෙබරවාරි මාසයේදී 1.9% ක් දක්වා වැඩි වී ඇත.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *