ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර විශේෂ දුරකතන සාකච්ඡාවක් පවත්වා තිබේ.
X සටහනක් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, මෙහිදී මැද පෙරදිග පවතින නොසන්සුන්කාරී තත්ත්වය සහ එමගින් ගෝලීය බලශක්ති සුරක්ෂිතතාවයට එල්ල වී ඇති බලපෑම් පිළිබඳව සාකච්ඡා කළ බව ය.
ඉන්දු ශ්‍රී ලංකා බලශක්ති සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ කලාපීය ආරක්ෂාව වැඩි දියුණු කිරීම පිළිබඳව ද රාජ්‍ය නායකයන් දෙපළ අවධානය යොමු කර ඇත.
මෙහිදී සමීප සහ විශ්වාසදායක හවුල්කරුවන් ලෙස, අභියෝගවලට මුහුණ දීමේදී සමීපව එක්ව කටයුතු කිරීමේ කැපවීම නැවතත් තහවුරු කළ බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබේ.
