මේ හැක් කිරීම Firewall බිඳ ඇතුළුවීමක් නෙවෙයි, අත්දැකීම් අඩු කණ්ඩායමක් මුදල් අමාත්‍යාංශයේ සිටින්නේ -අජිත් පී. පෙරේරා-

News Express
1 Min Read

මහා භාණ්ඩාගාරය විදේශ ණය වාරිකයක් ලෙස ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිදුවීම සම්බන්ධයෙන්, රාජ්‍ය මුදල් පාලනය පිළිබඳ බලය ඇති පාර්ලිමේන්තුවට කිසිදු දැනුම් දීමක් සිදු කර නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසනවා.

මෙම හැක් කිරීමේ සිදුවීමේදී අධි-තාක්ෂණික ක්‍රමවේද භාවිත කරමින් ‘Firewall’ බිඳ ඇතුළු වීමක් සිදු වී නොමැති බවත්, මෙය ඉතා ප්‍රාථමික මට්ටමේ රැවටීමකට ලක් කිරීමක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

තෙවැනි පාර්ශ්වයක් විසින් සිදු කරන රැවටීමකට ලක් වන තරමේ අත්දැකීම් අඩු කණ්ඩායමක් මුදල් අමාත්‍යාංශයේ සිටින බවත්, පසුගිය කාලයේ භාණ්ඩාගාරය තුළ සේවය කළ පළපුරුදු නිලධාරීන් වෙනත් දෙපාර්තමේන්තුවලට මාරු කර අලුත් කණ්ඩායම් පත් කිරීමට කටයුතු කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළා.

අලුතින් පත් කරන ලද නිලධාරීන්ට ප්‍රමාණවත් අත්දැකීම් නොමැති වීම මෙවැනි තත්ත්වයක් ඇති වීමට හේතු වන්නට ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *