යුද්ධය අවසන් කිරීම සඳහා අමෙරිකාව ඉදිරිපත් කළ සාම ගිවිසුම ඉරානය ප්‍රතික්ෂේප කර තිබේ.
ඉරාන ජ්‍යෙෂ්ඨ දේශපාලන-ආරක්ෂක නිලධාරියෙක් එරට රාජ්‍ය මාධ්‍ය ඔස්සේ පවසා ඇත්තේ, යුද්ධය අවසන් කිරීම සිදුවිය යුත්තේ ඉරානය ඉදිරිපත් කරන කොන්දේසි සහ කාලරාමුවකට මත පමණක් බව ය.
එම කොන්දේසි 5 වනුයේ,
- සතුරාගේ “ආක්‍රමණ සහ ඝාතන” සම්පූර්ණයෙන් ම නැවැත්වීම
- ඉරානය සමග නැවත යුද්ධ නොකරන බවට සහතික කිරීම
- යුද හානි සහ වන්දි ගෙවීම් සම්බන්ධනේ පැහැදිලි අර්ථ දක්වන ලද සහතිකය.
- කලාපය පුරා යුද්ධයට සම්බන්ධ වී සිටින සියලු ම ප්‍රතිවාදී කණ්ඩායම් සහ ඊට සහාය දක්වන්න පිරිස යුද්ධය අවසන් කිරීම.
- හෝමූස් සමුද්‍ර සන්ධිය කෙරෙහි අධිකාරිය ක්‍රියාත්මක කිරීමට ඉරානයේ ස්වෛරී අයිතිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පිළිගැනීම සහ සහතික කිරීම
