ට්‍රම්ප්ගේ සටන් විරාම ප්‍රකාශයත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළට

News Express
1 Min Read
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් ඉරානය සමඟ කොන්දේසි සහිත සති දෙකක සටන් විරාමයක් ප්රකාශයට පත් කිරීමත් සමඟ ගෝලීය වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්රයෙන් පහත වැටී තිබෙනවා.
ඒ අනුව, බ්රෙන්ට් බොරතෙල් මිල 5.8% කින් පහත වැටී ඇති අතර, එහි බැරලයක මිල මේ වන විට ඩොලර් 103.42 ක් ලෙස දැක්වෙනවා.
එමෙන්ම, ඇමරිකානු වෙළඳපොළේ තෙල් මිල 8.5% කට ආසන්න ප්රමාණයකින් පහත බැස ඇති අතර, WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 103.25 දක්වා අඩු වී තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම මිල පහත වැටීම සිදු වුවද, පෙබරවාරි 28 වන දින ගැටුම් ආරම්භ වීමට පෙර පැවති මිල මට්ටම්වලට වඩා තවමත් බොරතෙල් මිල ඉහළ අගයක පවතින බවයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙන්නේ.
Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *