ඉදිරි මාස දෙකක් සඳහා අඛණ්ඩ බලශක්ති සැපයුමක් සහතික විය හැකි බව, ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ඒ අනුව අඛණ්ඩ බලශක්ති සැපයුම බිඳවැටුණ හොත්, මේ වන විට ආර්ථිකයේ අත්පත් කරගෙන ඇති ජයග්‍රහණ විශාල ප්‍රමාණයක් කෙටි කාලයකට නතර විය හැකි බවයි උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.
ඉන්ධන මිල වැඩි කර ඇත්තේ තමා තෙල් ළිං අයිතිකාරයෙක් නිසා හෝ තමාට ලාභ ලබා ගැනීමේ අරමුණින් නොවන බවයි, ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
