වාහන අංක තහඩු මුද්‍රණය යළි ඇරඹේ

News Express
1 Min Read

අක්‍රීයව තිබූ වාහන අංක තහඩු මුදුණය නැවත සක්‍රීය කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සවුත් ඒෂියන් ටෙක්නොලොජි සමාගම සමග ඊයේ (10) ගිවිසුම්ගත වී තිබෙනවා.

ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ජ්‍යේෂඨ මහාචාර්ය කපිල සී. පෙරේරා, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කමල් අමරසිහ එක්ව මෙම නව ගිවිසුම අත්සන් තැබීම සිදු කළා.

මාස 10ක පමණ කාලයක් වාහන අංක තහඩු මුද්‍රණය කිරීම නැවතී තිබූ අතර ඒ හේතුවෙන් අංක තහඩු විශාල ප්‍රමාණයක් මුද්‍රණය කිරීම ගොඩගැසී තිබුණා.

එම අංක තහඩු සියල්ල කඩිනමින් නිකුත් කිරීමට පියවර ගන්නා බව‍යි නව සමාගම විසින් සඳහන් කළේ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *