දිවයිනේ බොහෝ ප්රදේශවල අද (23) පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වලත් කුරුණෑගල, අනුරාධපුර, අම්පාර සහ මඩකලපුව දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි. මී. 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකියි.
මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්රික්කවල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.
මධ්යම, සබරගමුව, උතුරු – මැද සහ ඌව පළාත්වලත් වවුනියාව සහ කුරුණෑගල දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
