පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරු මේ වන විට සිරගතව පසුවන බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කර තිබේ. සාම පා ගමනකට සහභාගී වීම සඳහා මෙරටට වැඩම කළ භික්ෂූන් වහන්සේලා හමුවීමට පෙරේදා (21) පෙරවරුවේ අත්තනගල්ල රජමහා විහාරයට පැමිණි අවස්ථාවේදී ඇය මේ බව සඳහන් කළාය.
ඊයේ දිනට යෙදුණු පාස්කු ප්‍රහාරයේ සැමරුම් පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරිය කෙටි ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, “මහ මොළකාරයා දැන් හිරේ ඉන්නවනේ” යනුවෙනි. වසර කිහිපයක් තිස්සේ මහමොළකරු සම්බන්ධයෙන් සමාජය තුළ පවතින විවිධ මතවාද සහ විමර්ශන මධ්‍යයේ ඇය විසින් සිදු කරන ලද මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳව මේ වන විට දැඩි අවධානයක් යොමු වී ඇත.
-චන්ද්‍රිකා කුමාරතුංග-
