පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අත්අඩංගුවට

News Express
1 Min Read

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය, පෙරියවිලාන් ප්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකුට ගිනි අවියක් පෙන්වා තර්ජනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

පසුගිය 25 වැනිදා මන්ත්‍රීවරයා අදාළ ඉඩම පිරිසිදු කිරීමට ගිය අවස්ථාවේදී ඇති වූ බහින්බස් වීමකදී, ඔහු ගිනි අවියක් අතැතිව සිටින අයුරු දැක්වෙන දර්ශන සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වී තිබුණා.

එම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලින් අනතුරුව මන්ත්‍රීවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *