පොළොන්නරුවෙත් බස් වර්ජනයක්

News Express
1 Min Read

ඉන්ධන මිල ඉහල යාමෙන් බස් ගාස්තු වැඩි නොකිරිමට එරෙහිව ඊට විරෝධය පළ කරමින්, පොලොන්නරුව පෞද්ගලික බස් රථ හිමියන් අද (23)  සිට බස් රථ ධාවනයෙන් ඉවත් වී ඇත.

ඒ අනුව කදුරුවෙල බස් නැවතුම්පොලේ ධාවනය ආරම්භ කිරීමට නියමිතව තිබූ අන්තර් පළාත් පෞද්ගලික බස් 150 කට  ආසන්න ප්‍රමාණයක් ධාවනයෙන් ඉවත් වී තිබෙන බව පෞද්ගලික බස්රථ රියදුරන් සඳහන් කළහ.

පිට පලාත් වලින් පැමිණ ඇති ඇතැම් පුද්ගලික බස් රථ පමණක් ගමනාන්තය දක්වා ගමක් කිරීමට නියමිත කටයුතු කර තිබේ.

ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් අන්තර් පළාත් බස් රථ පමණක් ධාවනය කරන වේ. පොළොන්නරුව කදුරුවෙල සිට විවිධ පළාත් වලට ධාවනය වන අන්තර් පළාත් බස් ගමන් වාර 150 ක පමණ ප්‍රමාණයක් තිබෙන අතර ඉන් බස් රථ 125 ක් පමණ අද  ධාවනයෙන් ඉවත්විමට කටයුතු කර ඇත.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *