හෝමාගම-පිටකොටුව බස් වර්ජනයක්

News Express
1 Min Read

ඉන්ධන මිල ඉහල යාමට සාපේක්ෂව මාර්ග අංක 138 හෝමගම – පිටකොටුව පෞද්ගලික බස් රථ අද (23)  ධාවනයෙන් ඉවත් වී තිබේ.

පසුගිය මාසයක කාලයක් තුල ඉන්ධන මිග තුන් වරක් ඉහල යාම නිසාවෙන් බස් ගාස්තු වැඩිවීමක් ලබා දෙන රජයෙන් ඉල්ලීම් කලද මෙතෙක් එම බස් ගාස්තු වැඩිවීම ලබා දීමට රජය කටයුතු නොකිරීම නිසාවෙන් තමන් බස් රථ ධාවනයෙන් ඉවත් වූ බව බස් රථ හිමිකරුවෝ පවසති.

ඉන්ධන මිල ඉහල යාම නිසාවෙන් දෛනිකව රුපියල් දස දහසකට ආසන්න මුදලක් තමන්ට අලාභ වන බැවින් බස් රථ ධාවනයෙන් ඉවත් කරන ලෙස හිමිකරුවන්  තමන්ට දැනුම් දී ඇතැයි එම බස් රථවල රියදුරු කොන්දොස්තරවරුන් ද කියති.

මේ හේතුවෙන් අද දින තම ගමනාගමනය අවශ්‍යතා සදහා හෝමගම ප්‍රධාන බස් නැවතුම්පොළට පැමිණි මගී ජනතාව විශාල ප්‍රමාණයකට අපහසුතාවයට ලක්වීමට සිදු වූ ආකාරය දැක ගත හැකි විය.

හෝමගම බස් ඩිපෝව මගින් අතුරු මාර්ගවල ගමනාගමනයට යොදවා තිබූ බස් රථ 138 මාර්ගයේ ධාවන කටයුතු සදහා යොදවා තිබුණි.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *