දූෂණය සහ අසාර්ථකත්වය හේතුවෙන් වත්මන් ආණ්ඩුව දේශපාලනිකව පරාජයට පත්වෙමින් සිටින බව සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ පවසනවා.
ඊයේ (14) මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි සහ මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම සම්බන්ධ සිදුවීම් හරහා වත්මන් ආණ්ඩුවේ සැබෑ ස්වරූපය අනාවරණය වී ඇති බවයි.
මේ හේතුවෙන් පැලවත්ත පක්ෂ මූලස්ථානය තුළ දැඩි අර්බුදයක් හටගෙන ඇති බව ද ඔහු සඳහන් කර සිටියා.
එම අර්බුදය හමුවේ පාලනය ගෙන යාමට පිරිසක් නොමැති වීම නිසා විපක්ෂයේ සාමාජිකයන්ට රජයට එක්වන ලෙස ආරාධනා කරමින් සිටින බව චරිත් අබේසිංහ පවසනවා.
කොටින්ම තමාට ද ‘රජයට එක්වන ලෙස’ විවිධ පාර්ශ්ව ඔස්සේ පණිවිඩ එවමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
