මින්පසු ලෙස හෝ උදය ගම්මන්පිලට සුරේෂ් සලේව හමු විය නොහැකියි
-කොටුව මහෙස්ත්‍රාත්-
නීතිඥවරයකු ලෙස හෝ උදය ගම්මන්පිලට ලෙස හමුවීමට කිසි සේත්ම ඉඩ ලබා දිය නොහැකි බවට කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් විශේෂ දැනුම්දීමක් කර තිබේ.
“නීතිඥ භූමිකාව සහ ප්‍රකාශක භූමිකාව පටලවා ගැනීමෙන් සැකකරුටම අගතියක් විය හැකියි” යනුවෙන් මහේස්ත්‍රාත්වරයා එහිදී පෙන්වා දුන්නේය.
නීතිඥවරයකු ලෙස සැකකරු මුණ ගැසී, සැකකරුගේ උපදෙස් මත හෝ තමන්ගේ මතයත් සමඟ පොත් ප්‍රකාශ කිරීමෙන් සිදුවෙමින් පවතින විමර්ශන වලට බාධාවක් විය හැකි බව ද අධිකරණය අවධාරණය කළේය.
එවැනි ක්‍රියාව “නීතිඥ වෘත්තීය ආචාරධර්මවලටත් පටහැනි විය හැකියි” යනුවෙන් මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අනුව, “මින් පසු සලේ මුණගැසිය හැක්කේ නීතිඥ අසිත් සිරිවර්ධනට පමණයි” යනුවෙන් කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
