වෙසක් පුර පසළොස්වක පොහොය ලබන මැයි 30 වනදාට සැමරෙන අතර, එදිනට පසු දිනය 31 වන ඉරිදාට යෙදෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ ඊට අදාළ චක්‍රලේඛය ඉදිරියේදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කරනු ඇති බවයි.
එමෙන්ම, වෙසක් සතිය මැයි මස 27 වැනිදා සිට ජූනි 02වැනිදා දක්වා නම්කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පෙරේදා (21) නිවේදනය කරනු ලැබුවා.
තවද, රාජ්‍ය වෙසක් උත්සවය රාජ්‍ය මාතර, තිහගොඩ, මිදෙල්ලවල පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
