පාර පුරා ගිය ගල්කුඩු – යතුරුපැදි හතරකුත් අනතුරේ

News Express
1 Min Read
ගල්කුඩු ප්රවාහනය කරන ලොරි රථයක පිටුපස දොර විවෘත වී කළුගල් කුඩු වැටීම හේතුවෙන් කොළඹ සිට ගාල්ල දක්වා ධාවනය වන මාර්ගයේ, කළුතර – වෙට්ටුමකඩ ප්රදේශයෙන් එක් මංතීරුවක් වසා දැමීට කටයුතු කර ඇත.
කළුතර දකුණ පොලීසිය ප්රකාශ කළේ, එම මාර්ගයේ මීටර් 800කට ආසන්න දුරක මෙම කළුගල් කුඩු වැටි ඇති බවය.
මෙම ගල්කුඩු හරහා ගමන් කිරීමට උත්සාහ ගත් යතුරුපැදි හතරක්ද අනතුරට පත්ව ඇති බව
අද (23) අලුයම කොළඹ සිට ගාල්ල දක්වා ධාවනය වූ ලොරි රථයකින් මෙම ගල්කුඩු වැටී ඇති බව සඳහන් වේ.
මෙලෙස අනාරක්ෂිත සහ අපරික්ෂාකාරී ලෙස ගල්කුඩු ප්රවාහනය කළ ලොරි රථයද කළුතර දකුණ පොලීසිය විසින් සිය භාරයට ගෙන ඇත.
Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *