මේ සීමාවක් නැති පට්ටපල් හොර කල්ලියක්, හර්ෂණ සූරියප්පෙරුම වහාම කුඩුවේ දැමිය යුතුයි -ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න-

News Express
1 Min Read

හිටපු පාලකයන් දූෂිත යැයි පවසමින් බලයට පැමිණි වත්මන් පාලකයන්, කිසිදු වැඩක් කළ නොහැකි, සීමාවක් නොමැතිව මහජන ධනය කොල්ලකන “පට්ටපල් හොර කල්ලියක්” බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ සභාපති ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න අවධාරණය කරයි.

මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීමේ මහා මංකොල්ලය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, මෙම අපරාධයේ ප්‍රධාන චූදිතයා වන මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවයි.

ආණ්ඩුව ඉතාම නින්දිත ලෙස මෙම වංචාවේ වගකීම සුළු නිලධාරීන් පිරිසක් පිට පටවා, ප්‍රධාන චූදිතයන් ආරක්ෂා කිරීමට උත්සාහ කරන බව මෛත්‍රී ගුණරත්න මහතා චෝදනා කළේය.
“මහ භාණ්ඩාගාරයේ සල්ලි කියන්නේ ලේකම්ගේ අත්සන නැතුව එළියට යන දේවල් නෙවෙයි. හැබැයි අද වෙන්නේ මොකක්ද? පොඩි මිනිස්සුන්ව බිල්ලට දීලා ලොක්කෝ සල්ලිත් අරන් ශේප් වෙනවා. නීතිය සර්ව සාධාරණව ක්‍රියාත්මක කරනවා කියලා බලයට ආපු ආණ්ඩුවට අද ඒක කරන්න බෑ. මොකද එහෙම කළොත් මුළු ආණ්ඩුවේම විශාල පිරිසකට සිරබත් කන්න වෙනවා.”

නීතිය ක්‍රියාත්මක කිරීමේදී ආණ්ඩුව දක්වන ද්විත්ව පිළිවෙත විවේචනය කළ ඒ මහතා, වත්මන් පාලනය යටතේ සිදුවන මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට ආණ්ඩුව බිය වී ඇති බව පෙන්වා දුන්නේය.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *