රාජපක්ෂලාට වඩා ප්‍රශ්න ලෝකයේ තිබෙන බව ආණ්ඩුව දැනගත යුතුයි- නාමල්

News Express
1 Min Read

රාජපක්ෂලාට වඩා රටේ ලෝකයේ ලොකු ප්‍රශ්න ඇති බව ආණ්ඩුව දැන්වත් තේරුම් ගත යුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

යුද්ධය අවසන් කිරීමට තීන්දුව ගන්නා විටම එහි ප්‍රතිපල තම දරු මුණුබුරන්ට පවා බලපානු ඇති බව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී එදාම පැවසී යැයි මන්ත්‍රීවරයා කීය.

එමනිසා ආණ්ඩුවල කවර ප්‍රතිචාරයක් හමුවේ වුවද තමන් පසුබහින්නේ හෝ පසුතැවෙන්නේ නැතැයි නාමල් රාජපක්ෂ අවධාරණය කළේය.

ජනපතිවරයා ප්‍රතික්ෂේප කළේ ඇමෙරිකානු යුද යානයක් නම් එය ප්‍රශස්ත තීන්දුවක් වුවද එම ප්‍රකාශයේ වලංගුභාවය දැනගැනීමට තවත් කෙටි කාලයක් බලා සිටිය යුතු යැයි ද ඔහු පැවසීය.

ඔහු මෙසේ ද කීය.

“ජනාධිපතිතුමා මේ ප්‍රකාශය සද්භාවයෙන් කරාද නැත්තං සිංහල තේරෙන්නේ නැති නිසා කවුරුවත් තේරුම් ගන්නෙ නැති වෙයි කියලා කරාද කියලා මම දන්නේ නෑ.ඒ හින්දා ඔය සම්බන්ධයෙන් අවංකව ජනාධිපතිවරයා එවැනි තීන්දුවක් අරගෙන තියෙනවනම් ඒක හොඳයි. හැබැයි ඒ ප්‍රකාශය වලංගුභාවය දැනගන්න තව ටික දවසක් ඉන්න වෙයි.”

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *