උද්ධමනය වෙනස් වෙයි

News Express
1 Min Read

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මැයි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමනය අද (මැයි 29) ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව, කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2026 මැයි මාසය සඳහා 5.5% ක් දක්වා වැඩි වී ඇත. එය 2026 අප්‍රේල් මාසය සඳහා 5.4% ක් ලෙස වාර්තා වී තිබුණි.

මැයි මාසයේදී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය (ලක්‍ෂ්‍යමය) 0.9 % දක්වා අඩු වී ඇති අතර 2026 අප්‍රේල් මාසයේදී එය වාර්තා වූයේ 2.8 % ක් ලෙස ය.

එමෙන් ම, මැයි මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය (ලක්‍ෂ්‍යමය) 7.8%ක් දක්වා වැඩි වී ඇති අතර, 2026 අප්‍රේල් මාසයේ දී 6.8% ක් ලෙස වාර්තා වී තිබේ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *