වෛද්‍ය වැඩ වැරුමෙන් රෝහල් ප්‍රතිකාර සේවාවලට බාධා: වර්ජනයට විශේෂඥ වෛද්‍යවරු නැහැ

News Express
1 Min Read

ස්ථාන මාරු ක්‍රියාවලියට නිසි විසඳුම් ලබා නොදීමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද උදෑසන 8.00 සිට ආරම්භ කර ඇති සංකේත වර්ජනය හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර සේවාවලට බාධා එල්ලවී තිබෙනවා.

රෝහල් බහුතරයකම සායනින සහ බාහිර රෝගී අංශ ක්‍රියාත්මක නොවූ බවයි.

මෙම වර්ජනයට විශේෂඥ වෛද්‍යවරුන් සහය දක්වන්නේ නැහැ.

මේ අතර, වර්ජනය තවදුරටත් සිදුකරන ආකාරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව මේ වනවිට රැස්වී ඇති බවයි එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කියා සිටියේ.

කෙසේ වෙතත්, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් විශේෂඥ වෛද්‍ය රාජසේකර ඥානසේකරම් කියා සිටියේ මෙම වර්ජනයට තම සංගමයේ සහයෝගය ලබා නොදෙන බවයි.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *