රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනය අද පෙරවරු 8:00 සිට නැවතත් හෙට (06) පෙරවරු 8:00 දක්වා තවත් පැය 24ක කාලයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
මේ හේතුවෙන් සාමාන්‍ය සහ දෛනික ප්‍රතිකාර සේවා සම්පූර්ණයෙන්ම අඩපණ වන අතර හදිසි ප්‍රතිකාර සේවා අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන බව සඳහන්.
එම සංගමයේ හදිසි විධායක සභාව ගනු ලැබූ තීරණයක් මත මෙම පියවර ගත් බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.
ස්ථාන මාරු ක්‍රියාවලියට නිසි විසඳුම් ලබා නොදීමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර ඇති සංකේත වර්ජනය හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර සේවාවලට බාධා එල්ලවී තිබෙනවා.
