හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර අත්අඩංගුවට ගැනීමට නියෝග

News Express
1 Min Read

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (27) නියෝග කර තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික නිදහස් පෙරමුණට ලබා දුන් වාහන අවභාවිතා කළ බව කියන සිද්ධියට අදාළව ඔහු ඇප මත මුදා හැර සිටි අතර, නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා මෙලෙස වරෙන්තු නිකුත් කර තිබෙනවා.

මෙම සිද්ධියේදී, ඇප මත මුදා හැර ඇති ජාතික නිදහස් පෙරමුණේ හිටපු මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මල් ඇතුළු පස් දෙනකුට එරෙහිව පවරා ඇති නඩුව විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී, එය නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ.

සිද්ධියට අදාළව ඇප මත සිටින, ජාතික නිදහස් පෙරමුණු හිටපු මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල්, සේනාරත්න ද සිල්වා ඇතුළු පිරිසක් අධිකරණයේ පෙනී සිටි බවයි සඳහන් වන්නේ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *