කල්පනා නොකර තීන්දු තීරණ ගැනීමට කටයුතු කළහොත්, රෑ වැටුණු වළේ දවල් වැටීමට ජනතාවට සිදු විය හැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා පවසනවා.
යම් දෙයක් ඇසූ පමණින් විශ්වාස නොකළ යුතු බවත්, දේශපාලන වේදිකාවල කතා කළ පමණින්, විද්‍යුත් මාධ්‍ය මඟින් ප්‍රකාශ කළ පමණින් හෝ මාධ්‍ය ප්‍රකාශ ලබා දුන් පමණින්, කල්පනා නොකර තීන්දු තීරණ නොගත යුතු බවත් ඔහු ප්‍රකාශ කළා.
ජනාධිපති සිහින, අගමැති සිහින සහ අමාත්‍ය සිහින ඉවත් කරගන්නා ලෙස සියලු දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළා.
දේශපාලනඥයන් ප්‍රකාශ කරන දේවල්වලට වඩා, ජනතාව තමන්ගේ අනාගතය ගැන සිතා තීන්දු තීරණ ගත යුතු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
