ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ආඥාදායක පුද්ගලයකු බවට පත් ව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත පවසනවා.
ජනාධිපතිවරයා විසින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පත් කළ පසු, එහි තීන්දු තීරණ පැමිණෙන්නේ කෙසේ ද යන්න ඔහු කලින්ම ප්‍රකාශ කරන බවත්, එසේම රටේ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව පත් කර තිබියදී ඔහු ඡන්දය නොතබන බවට ප්‍රකාශ කරන බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් දොළවත්ත පෙන්වා දුන්නා.
ඔහුව හඳුන්වන්නේ ‘ආධ්‍යාත්මික නායකයා’ ලෙස බවත්, ආධ්‍යාත්මිකත්වය වැඩි වී, ‘බවුන් වඩා’ ඉදිරියට ගොස් මෙවැනි ආඥාදායක තත්ත්වයකට පත්ව ඇත්දැයි යන්න ගැටලුවක් පවතින බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
