2026 වර්ෂයට අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ

News Express
1 Min Read

2026 වර්ෂයේ අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, මාර්තු මස 31 වැනිදා නිකුත් කර ඇති අංක 09/2026 දරන මෙම චක්‍රලේඛයට අනුව, 5 සහ 6 ශ්‍රේණි හැර සෙසු ශ්‍රේණිවල පවතින පුරප්පාඩු සඳහා සිසුන් ඇතුළත් කරගැනීම සිදු කරන බවයි වාර්තා වන්නේ.

2026 ජනවාරි 31 දිනට ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවල පවතින පුරප්පාඩු ලැයිස්තුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ නිල වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර ඇති බව ද අදාළ නිවේදනයේ දක්වා තිබෙනවා.

අයදුම් කිරීමට අපේක්ෂා කරන සියලුම අයදුම්කරුවන් විසින් 09/2026 චක්‍රලේඛයෙහි සඳහන් අයදුම්පත්‍රය සම්පූර්ණ කර, 2026 අප්‍රේල් 27 දිනට පෙර, අවශ්‍ය ලේඛන ද සමඟ අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත ලියාපදිංචි තැපෑල මඟින් යොමු කළ යුතු බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *