ගම්මන්පිලගේ පොත එළිදක්වන්න සජිත් ගියේ නෑ, AI වලින් දාලා – නලීන් බණ්ඩාර

News Express
1 Min Read

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලගේ “පාස්කු ඉරිදා මහ මොළකරු” නමැති කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහභාගී වූ බවට තමා විශ්වාස නොකරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසනවා.

විපක්ෂ නායකවරයා එම ස්ථානයේ සිටින අයුරින් කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය භාවිත කරමින් රූප රාමු සකස් කර ඇති බවයි අද (02) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

එම උත්සවයට පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පිරිස් සහභාගී වී සිටි බවත්, ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද පිරිස් යළි ජාතිවාදය කරලියට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවත් ඔහු සඳහන් කළා.

සහරාන්ට වඩා ප්‍රබල මහ මොළකරුවකු සිටින බවත්, ඔහු කවුරුන් වුව ද තවමත් ජීවතුන් අතර සිටින බව තමා විශ්වාස කරන බවත් නලීන් බණ්ඩාර වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *