දකුණු පළාතේ මගී ප්‍රවාහන බස් රථ සඳහා GPS යන්ත්‍ර සවි කිරීම ඇරඹේ

News Express
1 Min Read
දකුණු පළාතේ මගී ප්රවාහන බස් රථ සඳහා GPS යන්ත්ර සවි කිරීම ඇරඹේ
දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය විසින් මගී ප්රවාහන බස් රථ සඳහා GPS යන්ත්ර සවිකිරීමේ මාතර දිස්ත්රික් වැඩසටහන මාතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අජන්ත ගමමැද්දගේ මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා මාතර බස් නැවතුම්පළ අසළ දී ආරම්භ කරන ලදි.
දකුණු පළාත් මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් බස් රථ නිසි කාලසටහනකට අනුව ධාවනය කරවීම සඳහා නවීන තාක්ෂණික ක්රමවේදයන්ට සම්බන්ධ කිරීම වෙනුවෙන් දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය විසින් GPS තාක්ෂණික වැඩසටහනක් හඳුන්වා දී ඇත.
මේ යටතේ www.spgps.lk වෙත පිවිස බස් රථ ධාවනය වන කාල සටහන හා ස්ථානයන් දැන ගැනීමට මගී ජනතාවට පහසුකම් සැලසෙයි.
Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *