අදට යෙදී තිබෙන 78 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපතිතුමාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය අනුව පැවරී ඇති බලතල ප්‍රකාරව බන්ධනාගාරගත සිරකරුවන්ට විශේෂ ජනාධිපති සමාවක් ප්රදානය කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ඒ. සී. ගජනායක මහතා පැවසීය.
ඒ අනුව, පහත සඳහන් නියමයන් හා කොන්දේසි යටතේ මෙම විශේෂ ජනාධිපති සමාව සිරකරුවන්ට ප්රදානය කර ඇත.
බන්ධනාගාරගතව දඬුවම් විඳමින් සිටින සිරකරුවන් විසින් දැනට ගෙවා ඇති සිර දඬුවමේ වසරකට සති 01ක සමාවක් ප්රදානය කර ඇත.
එසේම, රුපියල් 75,000ට අඩු දඩ මුදල් නොගෙවීම හේතුවෙන් බන්ධනාගාරගතව සිර දඬුවම් විඳමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය අහෝසි කිරීමට ද කටයුතු කර ඇත.
මෙම විශේෂ ජනාධිපති සමාව යටතේ රැඳවියන් 49 දෙනෙකු අද දින නිදහස් වීමට සුදුසුකම් ලබා ඇති බව ද බන්ධනාගාර කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
