අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්

News Express
2 Min Read

ඉදිරි සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උදාව වෙනුවෙන් ගම්බිම් බලා යන සහ නැවත පැමිණෙන ජනතාවගේ පහසුව තකා විශේෂ දුම්රිය වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බව නිවේදනය කරනවා.

ඒ අනුව, 2026 අප්‍රේල් 10 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පහත මාර්ගයන්හි විශේෂ දුම්රිය ධාවනය කෙරෙනු ඇති.

උතුරු දුම්රිය මාර්ගය:

කොළඹ කොටුව – අනුරාධපුර: අප්‍රේල් 10, 11, 12, 15, 16, 17, 18 සහ 19 යන දිනවලදී පෙ.ව. 06.40 ට කොටුවෙන් පිටත් වේ. මෙම දුම්රිය සඳහා පළමු පංතියේ වෙන්කළ ආසන මැදිරි දෙකක් ඇතුළත් කර ඇත.

කන්කසන්තුරය – අනුරාධපුර: අප්‍රේල් 10, 11, 12, 15, 16, 17, 18 සහ 19 දිනවලදී කන්කසන්තුරයෙන් පෙ.ව. 06.00 ට පිටත් වීමට නියමිතය.

බෙලිඅත්ත සිට මහව දක්වා ධාවනය වූ රජරට රැජින දුම්රිය අප්‍රේල් 09 වනදා සිට දිනපතා අනුරාධපුරය දක්වා ධාවනය කෙරේ.

සාමාන්‍යයෙන් මහව දක්වා ධාවනය වන කාර්යාල දුම්රිය අප්‍රේල් 10, 11 සහ 12 යන දිනවලදී පමණක් අනුරාධපුරය දක්වා දීර්ඝ කර ඇත.

මුහුදුබඩ දුම්රිය මාර්ගය:

මරදාන – මාතර: අප්‍රේල් 10, 11, 12, 15 සහ 18 දිනවල ප.ව. 01.00 ට මරදානෙන් පිටත් වේ.

මරදාන – බෙලිඅත්ත: අප්‍රේල් 11 සහ 18 දිනවල ප.ව. 04.40 ට මරදානෙන් පිටත් වීමට නියමිතය.

මාතර / බෙලිඅත්ත – මරදාන (නැවත පැමිණීම): මගී අවශ්‍යතාවය මත විවිධ වේලාවන් යටතේ අප්‍රේල් 10 සිට 19 දක්වා විශේෂ වාර කිහිපයක් ක්‍රියාත්මක වේ.

මීට අමතරව, අප්‍රේල් 11 සිට 19 දක්වා ධාවනය වන අනෙකුත් සියලුම දුම්රිය පිළිබඳ තොරතුරු දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.railway.gov.lk හරහා ලබාගත හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටී.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *