ලබුගම හා කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බැසීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට අද (අප්‍රේල් 10) පැය 12ක ජල කප්පාදුවක් සිදු කිරීමට තීරණය කර තිබේ.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳව සඳහන් කළේ ය.
ඒ අනුව, අද (අප්‍රේල් 10) උදෑසන 8:00 සිට රාත්‍රී 8:00 දක්වා පැලන්වත්ත, සිද්ධමුල්ල, ඇරැව්වල, නිවන්තිඩිය, බෝකුන්දර පාර, රත්මල්දෙණිය, මහරගම පිළියන්දල පාර, මොරකැටිය පාර, හිරිපිටිය, ගොරකපිටිය පාර, නියඳගල පාර – දොලේකඩේ හංදිය, කුඩමාදුව සිට 255 බස් මාර්ගයේ වෙල දක්වා, පුබුදු මාවත සිට 255 බස් මාර්ගයේ වෙල දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇත.
