විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

News Express
1 Min Read

විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වර් අවියක් සමග සැකකරුවන් දෙදෙනෙකු දකුණු කොළඹ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (17) දහවල් කාලයේදී මරදාන පට්ටියාවත්ත ප්‍රදේශයේදී එම කාර්යාංශයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබුණි.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 500ක් හා විදෙස් රටක නිෂ්පාදිත මෙම රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අවුරුදු 30ක් වූ කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු විසින් සජීව පතරොම් තොගයක් තවත් පුද්ගලයෙකුට ලබා දී ඇති බවට අනාවරණය වීමෙන් පසු 9mm වර්ගයේ ජීව පතරොම් 75ක් හා T56 ජීව පතරොම් 45ක් සමග තවත් සැකකරුවෙකුද එම කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අවුරුදු 32ක් වන කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *