අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුව විත්තිකරුවන්ගේ ඥාතීන් ජනපති ලේකම් කාර්යාලයට

News Express
0 Min Read

හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතන නඩු තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව විත්තිකරුවන්ගේ ඥාතීන් පවසනවා.

මාධ්‍යයට අදහස් දක්වමින් ඔවුන් අද (23) මේ බව සඳහන් කළේ ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු සමඟ සිදු කළ සාකච්ඡාවකින් අනතුරුවයි.

මේ පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ තිබුණේ ජනාධිපතිවරයා හමුවී කරුණු දන්වා ලිපියක් භාර දීමටයි.

එහිදී ඔවුන් පැවසුවේ නඩුව සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *