ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සර සමරු උළෙල ලබන නොවැම්බර් මස 28 සිට දෙසැම්බර් මස 02 දක්වා මෙරටදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
එහි සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.
දෙස් විදෙස් භික්ෂූන් වහන්සේ සහ ගිහි නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම උළෙල සඳහා අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය ලබා දීම වෙනුවෙන් බුද්ධ ශාසන අමාත්‍යවරයා, ජනාධිපති කාර්යාලයේ නියෝජිතයෙකු, ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා සහ විදේශ අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන් සමන්විත ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.
