ප්‍රදේශ රැසකට වැසි රහිත කාලගුණ තත්ත්වයක්

News Express
1 Min Read

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් අද (26) වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව සඳහන්.

දකුණු පළාතේත්, රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ සහ උතුරු – මැද පළාත්වලත් ගාල්ල, මාතර, මොනරාගල, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *