ඉන්දියාවට පලාගොස් සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජනිත් මධුසංඛ (පොඩි ලැසී) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් දිවයිනට රැගෙනවිත් තිබෙනවා.
ඉන්දියාවේ මුම්බායිහිදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ, පසුගිය වසරේ ජනවාරි 16 වැනිදායි.
පොඩි ලැසී ඇප මත මුදා හැරීමෙන් පසු අති සුඛෝපභෝගී රථ පෙරහැරකින් කොළඹ ප්‍රදේශයට ගොස් තිබූ අතර, එතැන් සිට නැවත අත්අඩංගුවට ගත් මොහොත දක්වාම ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් දැන ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.
ආරක්ෂක අංශ සැක පළකළේ ‘කුඩු සලිඳු’ සහ පාතාල කල්ලි නායක ‘පොඩි ලැසී’ හොර රහසේම රටින් පලාගොස් ඇති බවයි.
මෙම අපරාධකරුවන් දෙදෙනා මුහුදු මාර්ග ඔස්සේ විදේශ රටකට පැන යන්නට ඇති බවට විශාල සැකයක් මතු වී ඇති බවයි පසුගිය ආරක්ෂක අංශ පවසා සිටියේ.
