ග්‍රාම නිලධාරීවරුන්, තාක්ෂණික නිලධාරීන් සහ ආපදා සහන සේවා නිලධාරීන් අද (27) සිට සියලු ආපදා සහන කටයුතු වලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානිවලට වන්දි ගෙවීම සදහා නිසි තක්සේරු ක්‍රමවේදයක් නොමැති වීම සහ සහන කටයුතුවල නිරත නිලධාරීන් හට ලැබිය යුතු පහසුකම් මෙන්ම දීමනා නොගෙවීම යන කරුණු මත මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී ජාතික සංගමයේ ප්‍රධාන ලේකම් නෙවිල් විජේරත්න කියා සිටියේ.
මේ අතර, සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක ආරෝග්‍යා ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානවල කටයුතුවලින් ලබන සදුදා සිට ඉවත් වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ ඔවුන් මේ වනවිට දියත් කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ගයට සමගාමීවයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් අත්තනායක කියා සිටියේ, දේශපාලන අරමුණු මත පදනම් වූ මෙවැනි සායන 50ක් පමණක් ක්‍රියාත්මක බවයි.
ප්‍රාථමික සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාමට සේවක හිගයක් පවතින අවස්ථාවක මේ සදහා සහය නොදීමට තීරණය කර ඇති බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා සඳහන් කළා.
