ඉරානය විසින් යුද අපරාධ කරන බවට ඊශ්රායලය චෝදනා කරයි.
ඉරානය
විසින් දින හතකට පසු බිහිසුණු මිසයිලයකින් ඊශ්රායලය වෙත පහරදීමෙන් පසු මෙම චෝදනාව ඊශ්රායලය විසින් ඉරානය වෙත එල්ල කර තිබෙනවා. ඒ අනුව ඉරානය විසින් කොරොම්ෂහර් – 4 මිසයිල
භාවිතා කරන ඊශ්රායලයට පහරදී ඇති අතර එය ඉලක්කය වෙත ළගාවීමට පෙර උප මිසයිල ලෙස කොටස් ගණනාවකට කැඩී ප්රහාර රැසක් එල්ලකරනු ලබයි. තවද ඉරානය සතුව රස්තකිස් නම් මිසයිලයක් සතු අතර එයද විනාශකාරී බවට ඊශ්රායලය
විසින් චෝදනා කරයි. මෙම මිසයිල භාවිතා කොට ඊයේදිනයේදී බෙන් ගුරියන් ගුවන් තොටුපළට සහ ඊශ්රායල ගුවන් හමුදාවේ 27 වන බලඝන කදවුරට පහරදී ඇතිබව වාර්තා වේ. එම මිසයිල
වැලැක්වීම දුෂ්කර වී ඇති අතර ඒවා අපේක්ෂිත ඉලක්කයන්ට පහර දී ඇතිබවට වාර්තා වේ.
