ඉරානය සමඟ පවතින යුද්ධය සහ එරටට එල්ල කරන ප්‍රහාර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විශේෂ ප්‍රකාශයක් සිදු කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර තිබෙනවා.
එහිදී ඔහු අවධාරණය කර ඇත්තේ ඊශ්‍රායල හමුදා ක්‍රියාමාර්ග මගින් ඉරාන බලධාරීන්ගේ “ඇටකටු බිඳ දමමින්” සිටින බවයි.
ඊශ්‍රායලයේ මූලික ඉලක්කය වන්නේ වත්මන් ඉරාන පාලනයේ පවතින “කෲර පාලනයෙන්” එරට වැසියන් මුදා ගැනීම බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.
කෙසේ වෙතත්, තම රටේ අනාගතය තීරණය කිරීම අවසාන වශයෙන් ඉරාන වැසියන් සතු කාර්යයක් බව ද ඔහු පෙන්වා දුන්නා.
“මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග හරහා අප ඔවුන්ගේ ශක්තිය හීන කරමින්, ඔවුන්ගේ ඇටකටු බිඳ දමමින් සිටින බවට සැකයක් නැහැ. අප තවමත් එම මෙහෙයුම්වල ඉතා ක්‍රියාශීලීව නිරත වෙමින් සිටිනවා,” යනුවෙන් නෙතන්යාහු වැඩිදුරටත් පවසා තිබෙනවා.
