ඉරානය විසින් ඊශ්‍රායලය දෙසට එල්ල කරන ලද සියලුම මිසයිල සාර්ථකව මැඩපැවැත්වූ බව, ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මේ අතර ඉරාකය, බහරේනය සහ කුවේටය ඇතුළු මැදපෙරදිග කලාපයේ පිහිටි ඊශ්‍රායල සහ අමෙරිකානු ඉලක්ක වෙත නව ප්‍රහාර මාලාවක් එල්ල කළ බව ඉරානය සඳහන් කරනවා.
ඉරානයේ ටෙහෙරාන් Mehrabad ගුවන් තොටුපළ ආසන්නයේ ප්‍රබල පිපිරීම් රැසක් සිදුව ඇති අතර, අමෙරිකානු-ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාර රාත්‍රිය පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කර තිබෙනවා.
ඊශ්‍රායල හමුදා මධ්‍යම බීරූට්හි පිහිටි නේවාසික ගොඩනැගිල්ලකට බෝම්බ හෙළීමෙන් එහි මහල් කිහිපයකට දැඩි හානි සිදුව ඇති අතර, විශාල ගින්නක් ද හටගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
Shaybah තෙල් නිධිය දෙසට පැමිණි ඩ්‍රෝන යානා කිහිපයක් බිම හෙළූ බව සෞදි අරාබිය පවසන අතර, කුවේටය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද තම ගුවන් සීමාවට පැමිණි ප්‍රහාරක යානා මැඩ පැවැත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මේ අතර හෝර්මුස් සමුද්‍ර සන්ධියේදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගිනිගෙන ඇති අතර, එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් ආයතනය සඳහන් කරන්නේ, එහි කාර්ය මණ්ඩලය නෞකාවෙන් ඉවත් වෙමින් පවතින බවත්, ඔවුන් සහාය ඉල්ලා ඇති බවයි.
