සෞදි අරාබියේ නැගෙනහිර කලාපයේදී ඩ්‍රෝන යානා 18ක් විනාශ කළ බව සෞදි ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
සෞදි ප්‍රවෘත්ති ඒජන්සියට අනුව, පසුගිය දින කිහිපය තුළ ද ඩ්‍රෝන යානා කිහිපයක් විනාශ කර ඇති බවයි බීබීසී පුවත් සේවය සඳහන් කරන්නේ.
මෙම ඩ්‍රෝන යානාවල මූලාශ්‍රය කුමක්දැයි යන්න පිළිබඳව සෞදි අරාබිය තවමත් කරුණු හෙළි කර නොමැත.
එසේම ඉන් ස්වල්ප වේලාවකට පසු, ‘ෂයිබා’ (Shaybah) තෙල් නිධිය දෙසට ගමන් කරමින් තිබූ ඩ්‍රෝන යානයක් ‘එම්ප්ටි ක්වාටර්’ (Empty Quarter) කාන්තාරයේ උතුරු මායිමේදී අල්ලා විනාශ කළ බව ද නිවේදනය කර තිබෙනවා.
