විදුලි වාහනවල බැටරි දහවල් කාලයේදී ආරෝපණය කරන්න: ජනපතිගෙන් විශේෂ ඉල්ලීමක්

News Express
1 Min Read
විදුලි වාහනවල බැටරි දහවල් කාලයේදී ආරෝපණය (Recharge) කරන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක විදුලි වාහන හිමියන්ගෙන් ඉල්ලීමක් කරනවා.

පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා පවතින උපරිම විදුලි ඉල්ලුම (Peak Demand) අවම කිරීම සඳහායි ජනපතිවරයා මේ ඉල්ලීම සිදු කරන්නේ.

පද්ධතියේ පවතින අධික විදුලි පාරිභෝජනය කළමනාකරණය කරගැනීම මෙහි මූලික අරමුණක් බවත් සූර්ය බලශක්තිය වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් දහවල් කාලයේදී උපරිමයෙන් පවතින බැවින්, එම කාලය තුළ වාහන ආරෝපණය කිරීම වඩාත් සුදුසු බවද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *