වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව හෙට (19) සිට ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කරනවා.
ඒ අනුව, අංක තහඩුවේ අවසාන අංකය ඉරට්ටේ හෝ බිංදුව නම් ඉරට්ටේ දිනවල ඉන්ධන ලබාගැනීමට හැකිවනවා.
එසේම සෙසු වාහන සඳහා ඔත්තේ දිනවලත් ඉන්ධන නිකුත් කෙරෙන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
