එලෝන් මස්ක් ගැන ජූරි සභාවෙන් ඒකමතික තීන්දුවක්..

News Express
1 Min Read
2022 වසරේ ට්විටර් සමාගම අත්පත් කර ගැනීමේ තීරණාත්මක කාලසීමාව තුළ එලොන් මස්ක් විසින් සිදු කරන ලද ප්රසිද්ධ ප්රකාශ නොමග යවන සුළු ඒවා බව ජූරි සභාවක් විසින් තීන්දු කර තිබෙනවා.
දින දෙකක සාකච්ඡාවලින් අනතුරුව, සැන් ෆ්රැන්සිස්කෝ ෆෙඩරල් අධිකරණයේ ජූරි සභාව විසින් මෙම ඒකමතික තීන්දුව ලබාදුන් බවයි විදෙස් මාධ්ය වාර්තා කළේ.
එලොන් මස්ක්ගේ ප්රකාශ මත විශ්වාසය තබා කටයුතු කළ ට්විටර් ආයෝජකයින් පිරිසක් විසින් මෙම නඩුව පවරා තිබෙනවා.
ඒ අනුව ට්විටර් හි පරිශීලක දත්ත සම්බන්ධ ගැටලු පවතින බවටත්, තමන් ඩොලර් බිලියන 44 ක එම මිලදී ගැනීමේ ගනුදෙනුවෙන් ඉවත් විය හැකි බවටත් ඔහු කළ ඇතැම් ප්රකාශ, හිතාමතාම මහජනයා නොමග යැවීම සඳහා සිදු කළ ඒවා බවටයි ජූරි සභාව තීන්දු කර ඇත්තේ.
Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *