හෝමූස් සම්පූර්ණයෙන් ම වසා දමන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

News Express
1 Min Read

අමෙරිකාව විසින් ඉරානයේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළහොත් හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන් ම වසා දමන බව ඉරානය පවසා තිබේ.

ඉරාන පාර්ලිමේන්තු කතානායකවරයා X සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, අමෙරිකාව ඉරානයේ විදුලි බලාගාර ඉලක්ක කළහොත් කලාපයේ තීරණාත්මක යටිතල පහසුකම් සහ බලශක්ති පහසුකම් “ආපසු හැරවිය නොහැකි ලෙස විනාශ විය හැකි” බව ය.

ඉදිරි පැය 48 ඇතුළත හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් ඉරානයේ විදුලි බලාගාර ඇතුළු බලශක්ති මධ්‍යස්ථාන මුළුමනින්ම විනාශ කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ සඳහන් කර තිබිණි.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *